ග්‍රෑන්ඩ්පාස්, ලක් සඳ සෙවණ, සාලමුල්ල ප්‍රදේශයේදී හෙරොයින් කිලෝග්‍රෑම් 02යි ග්‍රෑම් 02ක් සමඟ තරුණයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, ලද තොරතුරක් මත කොළඹ දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් සිදුකළ වැටලීමකදීයි.

24 හැවිරිදිවියේ පසුවන සැකකරු එම ප්‍රදේශයේම පදිංචිකරුවෙක්.

සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ දිසා අපරාධ කොට්ඨාසය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.