හෝමාගම කර්මාන්ත පුරයේ ගින්නක් හටගෙන තිබෙනවා. පොලීසිය පැවසුවේ හෙල්මට් නිෂ්පාදන කර්මාන්ත ශාලාවක එම ගින්න හටගෙන ඇති බවයි.

පෙරවරු 9.50 ට පමණ එම ගින්න හටගෙන තිබෙනවා.

මේ හේතුවෙන් හෝමාගම කර්මාන්ත ශාලාව අවට ප්‍රදේශය දුමාරයෙන් වැසී ඇති බවද එම ස්ථානයේ රැදි සිටින නෙත් නිවුස් නියෝජිතයා කියාසිටියා.

ගින්න නිවීම සදහා ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ සහ දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවල ගිනි නිවීම් රථ කැදවා තිබෙනවා.

ඔවුන්ට අවශ්‍ය සහාය ලබාදීමට සිය ගිනි නිවීම් රථ ද සූදානම් කර ඇති බවයි කොළඹ මහ නගර සභාවේ ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව පැවසුවේ.