ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22වන සංශෝධනය සදහා වූ කෙටුම්පත පිළිබද පාර්ලිමේන්තු විවාදය අද ආරම්භ කිරීමට පෙර සියලු පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් අමතමින් සර්වජන බලය නායක පාර්ලිමේන්තු මන්ත්‍රි දිලිත් ජයවීර මහතා ලිපියක් යොමුකර තිබෙනවා.

මෙමගින් ඔහු ඉල්ලා ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22වන සංශෝධනය සදහා වූ කෙටුම්පත සදහා හෘද සාක්ෂියට එකඟව ඡන්දය භාවිත කරන ලෙසයි.

මෙම කෙටුම්පත අදූරදර්ශී එකක් බව ද දිලිත් ජයවීර මහතා සිය ලිපියෙන් ප්‍රකාශ කර තිබෙනවා.