22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.
එය අද දිනට නියමිත පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයටද ඇතුළත් කර අවසන්.
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ වයස 65 සිට 67 දක්වාත් අභියාචනාධිකරණ විනුසුරුවරුන්ගේ වයස 63 සිට 65 දක්වාත් වැඩි කිරීමට යෝජනා කෙරෙන මෙම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ගැසට් පත්‍රයේ පල කෙරුණේ ඉකුත් 07 වනදායි.
ඒ අනුව එම කෙටුම්පත අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානයක්කාර මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ඇති බවටයි වාර්තා පළ වන්නේ.
මීට අමතරව 1978 අංක 2 දරන අධිකරණ සංවිධාන පනතට සංශෝධන එක්කිරීම සඳහා, අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම්පතද අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.
සෙසු අධිකරණවල විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වැඩි කිරීමට අදාල සංශෝධන එම පනත් කෙටුම්පතට ඇතුලත්ව තිබෙනවා.



