Published
රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වන සංශෝධන පනත් කෙටුම්පතට සහාය පළ කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට තවත් අතරමැදි පෙත්සම් දෙකක් ඉදිරිපත් වුණා.
නව සිහල උරුමයේ නායක සරත් මනමේන්ද්‍ර මහතා විසින් එක් අතරමැදි පෙත්සමක් ඉදිරිපත් කළා.
මෙම පෙත්සම තුළින් සඳහන් වන්නේ අදාල පනත් කෙටුම්පත නීත්‍යානුකූල ආකාරයට ඉදිරිපත් කර ඇති බවත් එය ජනමත විචාරණයකින් තොරව සම්මත කළ හැකි බවට තීන්දුවක් ලබාදෙන ලෙසයි.
විශ්‍රාමික හිමිකම් සුරැකීමේ ජාතික සංවිධානයේ ප්‍රධාන ලේකම් කේ.සරත් ලාල් පෙරේරා මහතා විසින් අනෙක් අතරමැදි පෙත්සම ඉදිරිපත් කළා.
මෙම පෙත්සම තුළින් සඳහන් වන්නේ අදාල පනත් කෙටුම්පත නීත්‍යානුකූල ආකාරයට ඉදිරිපත් කර ඇති බවයි.
ඒ අනුව අදාළ පනත් කෙටුම්පත ජනමත විචාරණයකින් තොරව සම්මත කළ හැකි බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් එම පෙත්සමෙන් ද ඉල්ලා තිබෙනවා




