Published
සම්බුද්ධ ශාසනය ආරක්ෂා කොට පෝෂණය කිරීමේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පැවරී ඇති වගකීම සක්‍රීයව පවත්වාගෙන යන ලෙසට බලධාරීන්ට අවධාරණය කිරීම ලබන 27 වනදා කොළඹදී පැවැත්වීමට නියමිත මහ සඟ සමුළුවේ අරමුණක් වන බව ශාසනාරක්ෂක සභාව පවසනවා.
එහි සම්බන්ධිකාරක පූජ්‍ය උලපනේ සුමංගල හිමියන් පැවසුවේ මෙම සඟ සමුළුව ආණ්ඩු විරෝධී හෝ යම් පුද්ගල හෝ කණ්ඩායමක් බලගැන්වීමේ අරමුණින් සිදු කරන්නක් නොවන බවයි.




