Published
මෙරට දෙවන විධායක ජනාධිපතිවරයා වූ දිවංගත රණසිංහ ප්‍රේමදාස මහතාගේ 33 වන ගුණානුස්මරණය අද පෙරවරුවේ අලුත්කඩේ අධිකරණ සංකීර්ණය අසල පිහිටි ඒ මහතාගේ පිළිරුව අසලදි සිදු කෙරුණා.
ඒ, විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන්.
එක්සත් ජාතික පක්‍ෂය නියෝජනය කරමින් හිටපු අමාත්‍යවරුන් වන නවීන් දිසානායක සහ රවී කරුණානායක යන මහත්වරුන් ද එම අවස්ථාවට එක්ව සිටියා.




