ශ්‍රී ලංකාවේ ගෘහ උපකරණ වෙළෙඳපොළේ ප්‍රමුඛ සන්නාමයක් වන DAMRO ආයතනය, ජර්මානු ගෘහ උපකරණ සපයන ප්‍රමුඛ සන්නාමයක් වන Häfele (හැෆ්ලර්) සමඟ නව ව්‍යාපාරික හවුල්කාරිත්වයකට එළඹ තිබෙනවා.

ඒ අනුව, Häfele (හැෆ්ලර්) ගෘහ උපකරණ කොළඹ, මහනුවර, ගාල්ල, මාතර, කුරුණෑගල සහ යාපනය ඇතුළු ප්‍රදේශවල පිහිටි DAMRO මෙගා ප්‍රදර්ශනාගාර 15කින් පාරිභෝගිකයන්ට මිලදී ගැනීමේ හැකියාව හිමිවනු ඇති.

හොබ්ස්, හුඩ්ස්, අවන්, මයික්‍රෝවේව්, ඩිෂ්වොෂර් සහ ඉන්ඩක්ෂන් හොබ්ස් ඇතුළු නවීන ගෘහ උපකරණ රැසක් මෙම හවුල්කාරිත්වය යටතේ පාරිභෝගිකයන්ට හඳුන්වා දී තිබෙනවා.

මෙම හවුල්කාරිත්වයත් සමඟ දිවයින පුරා සිටින පාරිභෝගිකයන්ට ලෝක මට්ටමේ ගෘහ උපකරණ වඩාත් පහසුවෙන් ලබාගැනීමේ අවස්ථාව උදාවනවා.

එමෙන්ම, නිෂ්පාදනවල ගුණාත්මකභාවය සෘජුව අත්විඳීමටත්, තම අවශ්‍යතාවයට වඩාත් ගැළපෙන ගෘහ උපකරණ තෝරා ගැනීමටත් මෙමගින් පහසුකම් සැලසෙනු ඇති.