මෙහෙයුම් අවශ්‍යතා සපුරා ගැනීම සඳහා දිවයිනට පැමිණි ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS SHARDA’ නෞකාව දිවයිනෙන් පිටත්ව ගොස් තිබෙනවා.
SHARDA’ නෞකාව වෙත ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික හමුදා සම්ප්‍රදායානුකූලව සමුදීම කොළඹ වරායේදී සිදු කෙරුණා.
එම නෞකාව ජුනි 10 වනදා දිවයිනට පැමිණි බවයි නාවික හමුදාව පැවසුවේ.
ඒ අනුව, ‘INS SHARDA’ නෞකාවේ අණදෙන නිලධාරී, බටහිර නාවික විධානයේ ආඥාපති හා ධජ නිලධාරී නාවික දියත් විධානය අතර නිල හමුවන් විධාන මූලස්ථානයේදී සහ දියත් විධාන කාර්යාල පරිශ්‍රයේදී පැවැත් වු බවත් එහිදී දෙරටේ නාවික හමුදාවන් අතර පවතින ද්විපාර්ශ්වික සහයෝගීතාව සහ අන්‍යෝන්‍ය සබඳතා තවදුරටත් වර්ධනය කර ගැනීම සම්බන්ධයෙන් අදහස් හුවමාරු කර ගැනීම සිදුවූ බවත් ශ්‍රී ලංකා නාවික හමුදාව පැවසුවා.
‘INS SHARDA’ නෞකාව දිවයිනේ රැදී සිටි කාලසීමාව තුලදී නෞකාවේ කාර්ය මණ්ඩලය සහ ශ්‍රී ලංකා නාවික හමුදා සාමාජිකයන් අතර සුහද අත්පන්දු තරගයක් පැවැත්වු අතර, යෝගා වැඩසටහනක් සඳහාද දෙරටේ නාවික හමුදා සාමාජිකයින් සහභාගි වී තිබෙනවා.
එමෙන්ම, ශ්‍රී ලංකා නාවික හමුදා සාමාජිකයන් වෙත නෞකාව නැරඹීම සඳහා ද අවස්ථාව හිමි වුණා.
තවද, නෞකාවේ කාර්යය මණ්ඩලය දිවයිනේ සංස්කෘතික වශයෙන් වැදගත් ස්ථාන කිහිපයකද සංචාරය කළ බවයි ශ්‍රී ලංකා නාවික හමුදාව පැවසුවේ.




