LPL ක්රිකට් තරගාවලියේ ප්රසාද ලකුණු සටහනේ තවදුරටත් පෙරමුණ ගැනීමට ගෝල් ගැලන්ට්ස් කණ්ඩායම සමත් වී සිටිනවා.
ඒ සහභාගී වූ තරග දෙකම ජයගෙන ප්රසාද ලකුණු හතරක් ලබා ගනිමින්.
කැන්ඩි රෝයල්ස් ණ්ඩායම දෙවන ස්ථානයේ රැඳී සිටින්නේ තරග තුනකට සහභාගි වී එක් තරඟයක් ජය ගනිමින්.
ඒ දළ ලකුණු ලබා ගැනීමේ වේගය මතයි.
කලම්බු කැප්ස් කණ්ඩායම තුන්වන ස්ථානයේත්, දඹුල්ල සික්සර්ස් කණ්ඩායම හතරවන ස්ථානයේත් රැඳී සිටින අතර ජැෆ්නා කින්ස් කණ්ඩායම පසු වන්නේ පස්වන ස්ථානයෙයි.
මේ අතර ඊයේ පැවති කැන්ඩි රෝයලස් කණ්ඩායම සහ දඹුල්ල සික්සස් කණ්ඩායම අතර තරඟයෙන් කැන්ඩි රෝල්ස් කණ්ඩායම ලකුණු 43ක ජයක් අත්කර ගත්තා.
පළමුව පන්දුවට පහර දුන් කැන්ඩි රෝයලස් කණ්ඩායම නියමිත පන්දු වාර විස්ස තුළ කඩුලු හයක් දැවී ලකුණ 194ක් රැස්කළා.
දඹුල්ල සික්සර්ස් කණ්ඩායමට නියමිත පන්දුවාර විස්ස තුළ කඩුලු අටක් දැවී ලබා ගැනීමට හැකි වුණේ ඒ ලකුණු 151ක් පමණයි.




