Published
LTTE සංවිධානය වෙනුවෙන් ගායනා කළ ගීත 4 ක් බව පවසමින් ඒවා ටික් ටොක් සමාජ මාධ්‍යයේ උඩුගත කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු ලබන 17 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.
සැකකරු චාවකච්චේරිය, නාවක්කුලි ප්‍රදේශයේ පැවති සංගීත සංදර්ශනයකදී අදාළ ගීත ගායනා කර පසුව ඒවා සංස්කරණය කර ටික් ටොක් සමාජ මාධ්‍ය හරහා සංසරණය කර තිබුණා.
ඒ අනුව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ සැකකරු අත්අඩංගුවට ගනු ලැබුවේ යාපනය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින්.
වයස අවුරුදු 24 ක් වන සැකකරු කිලිනොච්චිය උදයනගර් ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
එමෙන්ම ඔහුගේ ජංගම දුරකතනය ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.




