ලංකා ප්‍රිමියර් ලීග් හෙවත් LPL ක්‍රිකට් තරගාවලිය ප්‍රවර්ධනය කරමින්, SLT-MOBITEL විසින් සංවිධාන කරන ‘Road to LPL’ මාර්ග සංදර්ශනය ඊයේ කොළඹ ශ්‍රී ලංකා ටෙලිකොම් මූලස්ථානය වෙත ළඟා වුණා.
ඒ, ක්‍රීඩා ලෝලීන්ට LPL තරගාවලියේ උණුසුම සජීව ලෙස අත්විඳීමට අවස්ථාව සලසා දෙමින්.
LPL නිල කුසලානය ක්‍රීඩා ලෝලීන් වෙත ප්‍රදර්ශනය කිරීම මෙහිදී සිදු කෙරුණා.
මීට අමතරව එහි පැමිණි ක්‍රීඩා ලෝලීන්ට LPL කැන්වසය මත තම අත්සන් තැබීමටත් තරගාවලියට එක්වන කණ්ඩායම්වල නායකයින් හමුවීමටත් අවස්ථාව හිමිවූ බවයි එම අවස්ථාව ආවරණය කළ නෙත් නිව්ස් නියෝජිතයන් පැවසුවේ.
‘Road to LPL’ නිල රථය ඉකුත් ජූලි 10 වනදා ගාල්ලෙන් ගමන් ආරම්භ කළා.
LPL තරගාවලිය සඳහා කණ්ඩායම් ඉදිරිපත් කෙරෙන ගාල්ල, කොළඹ, මහනුවර, දඹුල්ල සහ යාපනය ඇතුළු රට පුරා ප්‍රධාන නගර රැසක් ආවරණය කරමින් මෙම නිල රථය ගමන් කිරීමට නියමිතයි.
එහිදී Spin the Wheel, VR Cricket Challenge, සහ Gully Cricket ඇතුළු විනෝදාත්මක ක්‍රියාකාරකම් රැසක් සමග එක්වීමට ද ක්‍රීඩා ලෝලීන්ට අවස්ථාව ලැබෙනවා.
මේ අතර ලබන 17 වනදා පැවැත්වෙන ඩ්‍රෝන සංදර්ශනයකින් පසු මෙවර LPL තරගාවලිය නිල වශයෙන් ආරම්භ කිරීමට නියමිතයි.
තරගාවලිය අගෝස්තු මස 08 වනදා දක්වා පැවැත්වෙනවා.
එහි සියලු තරග සජීවීව, True HD තාක්ෂණයෙන් යුතුව SLT-MOBITEL PEOTV සහ PEO MOBILE හරහා නැරඹීමට ක්‍රීඩා ලෝලීන්ට පහසුකම් සලසා ඇති බවයි SLT මොබිටෙල් ආයතනය පැවසුවේ.




