ශ්‍රී ලංකාවේද වැඩි දෙනෙක් බලාපොරොත්තුවෙන් සිටි පරිදි T20 කාන්තා ලෝක කුසලාන තරගාවලියේ ඊයේ පැවති තරගයේදී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පරාජය කිරීමට අයර්ලන්ත ක්‍රිඩිකාවන් සමත් වුණා.

ශ්‍රී ලංකාවේද වැඩි දෙනෙක් මෙම ප්‍රතිඵලය බලාපොරොත්තුවෙන් සිටියේ මෙවර T20 කාන්තා ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට පිවිසීමට නම් ඊයේ තරගයේදී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අයර්ලන්තය හමුවේ පරාජය විය යුතුම වූ නිසා.

එහෙත් ඔවුන් මෙම පරාජය ලැබූයේ ශ්‍රී ලංකාවට අවශ්‍ය තරම් විශාල පරතරයකින් නොවෙයි.

ඒ අනුව බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අද තරඟය පරාජය වුවත් අවසන් පූර්ව වටයට පිවිසීමට වැඩි අවස්ථාවක් ඔවුන්ට හිමිව තිබෙනවා.

ඒ සමග ශ්‍රී ලංකා කණ්ඩායම දැන් ස්ථිර වශයෙන්ම අවසන් පූර්ව වටයෙන් ඉවත් වනු ඇති.

මේ අතර ඊයේ තරඟයේදී පළමුවෙන් පන්දුවට පහර දුන්නේ බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩකාවන්.

නියමිත පන්දු වාර 20දී ඔවුන් ලබා ගත්තේ කඩුලු හතක් දැවී ලකුණු 128ක් පමණයි. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ අයර්ලන්ත ක්‍රිඩිකාවන් පන්දුවාර 18යි පන්දු 5කදී කඩුලු 4ක් පමණක් දැවී ලකුණු 129ක් ලබා ගනිමින් තරඟය ජය ගත්තා.

අයර්ලන්ත ක්‍රිඩිකාවන් ඊයේ මෙම ජයග්‍රහණය ලබා ගත්තේ අයර්ලන්ත පිරිමි කණ්ඩායම පෙර දින ලෝක ශූර ඉන්දීය කණ්ඩායම ද පරාජය කර තිබියදී වීම තවත් විශේෂත්වයක්.