Published
අඟුරුවාතොට උඩුවර ප්‍රදේශයේ සඟවා තිබූ පතරොම් තොගයක් සහ අත්විලංගුවක් පොලීසිය විසින් සොයාගනු ලැබ තිබෙනවා.
ඒ, ටී 56 ගිනි අවියක් හා එම ජීව පතරොම් 16 ක් සමග මීට පෙර බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගත් සැකකරුවෙකුගෙන් කරන ලද ප්‍රශ්න කිරීම් හමුවේයි.
ඒ අනුව ටී-56 ජීව පතරොම් 90 ක්, එම්-16 වර්ගයේ ජීව පතරොම් 23 ක් හා අත්විලංගුවක් මෙලෙස සොයාගෙන තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.




