අඟුලාන මුහුදු ප්‍රදේශයේදී අනතුරට ලක්වූ වේග ප්‍රහාරක යාත්‍රාවේ සිට අතුරුදන්ව සිටි නාවික හමුදා නිලධාරියාගේ බවට සැකකෙරෙන දේහය අද  සොයාගෙන  තිබෙනවා.

නාවික හමුදාව සඳහන් කළේ, නාවික කිමිදුම්කරුවන් විසින් සිදුකළ විශේෂ මෙහෙයුමකදී අනතුරට ලක්වූ යාත්‍රාව තුළ තිබී මෙම දේහය සොයාගත් බවයි.

පසුගිය අගෝස්තු මස 15 වන දින නාවිකයින් 12 දෙනෙකු සමග ගමන් කළ මෙම වේග ප්‍රහාරක යාත්‍රාව අඟුලාන මුහුදු ප්‍රදේශයේදී අනතුරට ලක්වුණා.

අනතුර සිදුවූ අවස්ථාවේදීම එහි සිටි නාවිකයින් 11 දෙනෙකු අඟුලාන පොලිසියේ සහ ප්‍රදේශයේ ධීවර ජනතාවගේ සහාය ඇතිව බේරාගැනීමට හැකි වුනා.

කෙසේ වෙතත්, අතුරුදන්ව සිටි නිලධාරියා සොයා පානදුර සිට කොළඹ හරහා හලාවත දක්වා වන වෙරළ තීරයේ සහ මුහුදු ප්‍රදේශයේ නාවික හමුදාව විසින් අඛණ්ඩව පුළුල් සෝදිසි මෙහෙයුමක් ක්‍රියාත්මක කරනු ලැබුවා.