අතුරුගිරිය, ජයන්ති මාවත ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයන් දස දෙනෙකුට ආසන්න පිරිසක් තුවාල ලබා තිබෙනවා.

පොලීසිය පැවසුවේ පෞද්ගලික ආයතනයක සේවකයන් රැගත් බස් රථයක් සහ ටිපර් රථයක් ගැටි එම අනතුර සිදුව ඇති බවයි.

තුවාල ලැබූ පිරිස අතුරුගිරිය රෝහලට ඇතුළත් කර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් අතුරුගිරිය පොලිස් ස්ථානය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.