ගිනිකොන දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව අඩු පීඩන කලාපයක් නිර්මාණය විය හැකි බැවින් අද දිනයේ බොහෝ ප්‍රදේශවල විටින් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ අනුව බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවල මිලිමීටර් 100 ත් 150 අතර තද වැසි ඇති විය හැකියි. දිවයිනේ සෙසු ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලි මීටර් 75ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බවද කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවා.
මේ අතර මේ වන විට එල්නිනෝ තත්ත්වයක් බලපා ඇති බැවින් මේ දිනවල කෙටි කාලයක් තුළ තද වැසි ඇති වී ක්ෂණික ගංවතුර තත්ත්වයන් ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් අජිත් විජයමාන්න මහතා පැවසුවේ.
ඒ අනුව පවතින වැසි තත්ත්වය ඉදිරි මාස දෙක තුළද අපේක්ෂා කළ හ ැකි බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ.
මේ අතර මේ දිනවල මහවැලි ජලාශවල ජල මට්ටම ඉහළ මට්ටමක පවතින බැවින් ජල විදුලි නිෂ්පාදනය උපරිම මට්ටමක පවතිනවා.
මේ හේතුවෙන් දෛනික ජල විදුලි නිෂ්පාදනයෙන් සියයට හැත්තෑවක් පුනර්ජනනීය විදුලි ප්‍රභවයන්ගෙන් සපුරා ගන්නා බවයි මහවැලි අධිකාරියේ අතිරේක අධ්යක්ෂ ජනරාල් ඉංජිනේරු නිලන්ත ධනපාල මහතා පැවසුවේ.




