අධි ධාරිතාවයෙන් යුත් යතුරුපැදියක් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක නොකර සිටීමට රුපියල් ලක්ෂ 10ක මුදලක් අල්ලස් ලෙස ඉල්ලා සිටි ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙකු සහ තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතාගේ උපදෙස් මත කුරුවිට පොලිසිය කල වැටලීමකදියි.
සැකකාර පොලිස් නිලධාරියා සබරගමුව පළාත් ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයට අනුයුක්තව සේවය කල ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙකු බවයි වාර්තා වන්නේ.
සැකකාර නිලධාරියා සහ අනෙක් පුද්ගලයා අදාළ යතුරු පැදිය සන්තකව සිටි පුද්ගලයාගේ නිවසට පැමිණ පරික්ෂා කිරීමක් සිදුකර තිබෙනවා.
ඒ, යතුරුපැදිය සන්තකව සිටි පුද්ගලයා එහි ජායාරූප කිහිපයක් සමාජ මාධ්‍යයට මුදාහැරීමෙන් පසුවයි.
තමන් පොලිස් විශේෂ විමර්ශණ කණ්ඩායමක නිලධාරියෙකු බවත් යතුරුපැදිය සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක නොකර සිටීමට නම් රුපියල් ලක්ෂ 10ක මුදලක් අවශ්‍ය බවත් ඔහු ප්‍රකාශ කර තිබෙනවා.
එහෙත් පසු අවස්ථා දෙකකදී එය ලක්ෂ දෙකහමාර දක්වා අඩුකර කුරුවිට ප්‍රදේශයේදී සැකකරු එම මුදල ලබාගෙන ඇති බවයි විමර්ශණවලදී අණාවරණ වුණේ.
සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශණ ආරම්භ කල පොලිසිය සැකකාර ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා සහ අනෙක් පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.




