Published
මෙරට තුළ අන්තර්ජාලය භාවිතා කරමින් මූල්‍ය අපරාධ සිදුකිරීමට යොදා ගන්නා රුපියල් ලක්ෂ පහළොවක් වටිනා විද්්‍යුත් සන්නිවේදන උපකරණ තොගයක් සමග විදේශීය ගුවන් මගීන් 09 දෙනෙකු කටුනායක ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ගුවන් තොටුපොල පැමිණීමේ පර්යන්තයේ ” හරිත මාවත ” ඔස්සේ සැකකරුවන් පිට වී යාමට තැත් කරමින් සිටියදී අත්අඩංගුවට ගත් බවයි රේගු නිලධාරීන් පැවසුවේ.
එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ඉන්දුනීසියානු ජාතික තරුණයන් පිරිසක්.
ඔවුන් සිංගප්පූරුවේ සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබෙනවා.
එහිදී ඔවුන් විසින් රැගෙන ආ ගමන් මලු තුළ තිබී භාවිත කරන ලද නවීනතම ජංගම දුරකථන 70 ක් , කුඩා පරිගණක 08 ක් සහ සිම් කාඩ් පත් 54 ක් සොයාගත් බවයි රේගු නිලධාරීන් පැවසුවේ.




