මහින්ද රාජපක්ෂ ආණ්ඩුව දමිල ජනතාවට විරුද්ධව යුද්ධ කළේ නැති බවත් සටන් කලේ එල්ටීටීඊ ත්‍රස්තවාදීන්ට එරෙහිව බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ ඊයේ 2026.05.19 පාර්ලිමේන්තුව අමතමින්.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ මහතා.

විශේෂයෙන්ම වසර තිහක් පැවති යුද්ධය අවසන් කරලා මේ වන විට වසර දාහතක් වෙනවා. මැයි 18 දිනය තමයි අවසන් කරේ මැයි 19 දිනක තමයි පාර්ලිමේන්තුවේදී හිටපු ජනාධිපති ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමා එය නිල වශයෙන් දැනුම් දුන්නේ. ඒ යුද ජයග්‍රහණය සඳහා මේ රටේ විශාල පිරිසක් කැපවීම් කෙරුවා. රණවිරුවා පොලිසිය සිවිල් ආරක්ෂක බලකාය ඒ වගේම මෙරටේ පුරවැසියා දමිළ සිංහල හින්දු ඒ වගේම මේ රටේ හැම වර්ගයාම නියෝජනය කරමින් පුරවැසියන් ඒ යුද්ධය අවසන් කිරීම සඳහා විශාල කැපවීමක් කෙරුවා.

ඒ වගේම තමයි ගරු නියෝජ්‍ය කතා නායකතුමනි අද සමහරුන්ට රණවිරුවන්ට රණවිරුවා කියාගන්න බැරි උනාට ඒ ඔවුන් කරපු කැප කිරීම නිසා තමයි බහුතරය අය අද නිදහසේ ඉන්නේ. අද සමහරු අර්ථකථනය කරන්න උත්සාහ කරනවා අපි දමිල ජනතාවට විරුද්ධව යුද්ධ කළේ නෑ. අපි සටන් කලේ එල්ටීටීඊ ත්‍රස්තවාදීන් එක්ක. නැතුව දමිළ ජනතාව එක්ක නෙවෙයි.
ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ඝාතනය කරපු අපේ විපක්ෂ නායකතුමාගේ පියා රණසිංහ ප්‍රේමදාස මහත්තයව ඝාතනය කරපු මේ රටේ රාජ්‍ය නායකයෝ බහුතරයක් ඝාතනය කරන්න උත්සාහ කරලා ක්‍රියාත්මක වෙච්ච ලක්ෂ්මන් කදිරගාමර් මහත්මයා වැනි දමිළ, ප්‍රජාතන්ත්‍රවාදය අගය කරපු දමිළ නායකයන් දොරේඅප්පා නගරාධිපතිවරයාගෙන් පටන් ගත්තම ලක්ෂ්මන් කදිරගාමර් මහත්තයා වැනි අය ඝාතනය කරපු තවත් පැත්තකින් අරන්තලාවේ භික්ෂු ඝාතනය අනිත් පැත්තෙන් කාත්තන්කුඩි මුස්ලිම් පල්ලිය යාඥා කරමින් හිටපු අය ඝාතනය කරපු අනිත් පැත්තෙන් කැබිති ගොල්ලෑවේ බස්බෝම්බය තිබ්බ ත්‍රස්තවාදීන් එක්ක අපි සටන් කලේ.
ඒ වගේම තමයි ගරු නියෝජ්‍ය කතානායකතුමනි ඒ දවස්වල පාසල් යන දරුවාගේ කරට දුන්නේ සයනයිඩ් කරලක්.ඒ සයිනයිඩ් කරල ගලවලා අතට පෑන දීලා අද උසස් පෙළින් ලංකාවේ එක දෙක තුන අතරට එන්න පුළුවන් තත්වෙට අද උතුර පළාත පරිවර්තනය වුනේ මේ ත්‍රස්තවාදය අවසන් කරපු නිසා .යටිතල පහසුකම් සංවර්ධනය මේවා ගැන මම වැඩිය කතා කරන්න යන්නේ නැහැ.
හැබැයි ඒ ගෞරවය එදා හිටපු රණවිරුවන්ට නායකයන්ට දෙන්න බැරි නම් ගරු කතානායකතුමනි මේ අයට නම් ඒ ගැන කියලා වැඩක් වෙන්නේ නැහැ