Published
අම්බලන්ගොඩ, මාදම්පාගම දුම්රිය මාර්ගය අසලදී මත්ද්‍රව්‍ය සන්තකව සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, පොලිස් විශේෂ කාර්ය බලකායේ අම්බලන්ගොඩ කඳවුරේ නිලධාරීන් කණ්ඩායමකට ලද තොරතුරකට අනුව සිදුකළ වැටලීමකදීයි.
එහිදී සැකකරු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 121යි මිලිග්‍රෑම් 20ක් සහ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10යි මිලිග්‍රෑම් 85ක් සොයාගත් බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය පැවසුවේ. අත්අඩංගුවට ගත් සැකකරු වෙලේවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වනවා.
ඔහු වැඩිදුර විමර්ශන සඳහා අම්බලන්ගොඩ පොලිස් ස්ථානය වෙත භාරදුන් බවද පොලිස් විශේෂ කාර්ය බලකාය වැඩිදුරටත් පැවසුවා.



