Published
කොටහේන ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් තුනයි ග්‍රෑම් 944ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සිදුකල වැටලීමකදියි.
සැකකරු සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 215 ක්ද සොයාගෙන තිබෙනවා.
26 හැවිරිදි මෙම සැකකරු කොටහේන ප්‍රදේශයේම පදිංචිකරුවෙක්.
මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් බවට සැකකෙරෙන රුපියල් හය ලක්ෂ පනස් දහසක මුදලක්ද සැකකරු සතුව තිබී සොයාගැනුනා.
සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.




