Published
අරලගංවිල, ඇල්ලේවැව ප්රදේශයේ ඉඩමක් වටා ඇද තිබූ අනාරක්ෂිත විදුලි රැහැනක ගැටී ළමයෙකු ඇතුළු දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
එලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ එම ප්රදේශයේම පදිංචි වයස අවුරුදු 41ක පුද්ගලයෙකු සහ ඔහුගේ ඥාති පුත්රයෙකු වන ජාඇල ප්රදේශයේ පදිංචි වයස අවුරුදු 5ක් වන ළමයෙකු බවයි පොලීසිය පැවසුවේ.
වන අලින්ගෙන් ආරක්ෂා වීම සඳහා එම පුද්ගලයාගේ නිවස වටා ඇද තිබූ අනාරක්ෂිත විදුලි රැහැනකයි ඔවුන් ගැටී ඇත්තේ.
ඔවුන් දෙදෙනා බේරා ගැනීමට පැමිණි තවත් පුද්ගලයන් දෙදෙනෙකුට ද විදුලිසැර වැදි තිබෙනවා.
ඔවුන් දෙදෙනා දෙහිඅත්තකණ්ඩිය රෝහලට ඇතුළත් කර ඇති බවයි අරලගංවිල පොලීසිය පැවසුවේ.




