ආර්ථික වර්ධනය අත්පත් කර ගත හැකි නව එකඟතාවලට එළඹීමට හැකිනම් ජාත්‍යන්තර මූල අරමුදල සමග නව වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට හැකි බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.
කෙසේවෙතත් ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයක් මෙතෙක් ගෙන නොමැති බවයි ජනාධිපතිවරයා කියා සිටියේ.
ඊයේ රාත්‍රියේ කොළඹදී පැවති 2026 ශ්‍රී ලංකා ආර්ථික හා ආයෝජන සමුළුවට එක්වෙමින් ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළා.
"ඇත්තටම අපි දැනට ratings වලින් උඩට ඇවිල්ලා තියෙනවා. නමුත් තවත් පියවරක් අපි ඉදිරියට යන්න ඕන. අපේ විදේශ සංචිත ප්‍රමාණය අපි අපේක්ෂා කරන මට්ටමට තව ළඟා විය යුතුව තිබෙනවා. මේ සාධක පරිපූර්ණ කරගන්න පුළුවන්නම් අපිට අපිට යා හැකියි. නමුත් ලෝකයේ යම් අවිනිශ්චිත භාවයක් මතු වෙලා තිබෙනවා. කුමක් සිදු වේවිද කියලා අපිට නොදන්න තත්ත්වයක් මතු වෙලා තිබෙනවා. උදාහරණයක් හැටියට ගත්තු ගිය අවුරුද්දේ අපේ ඉන්ධන ආනයන වියදම 2025 වසරේ බිලියන 4 යි, මිලියන 4042 යි. මේ අවුරුද්දේ අගෝස්තු මාසය වෙනකොට අපේ ඉන්ධන ආනයන වියදම මිලියන 4082 යි. ඒ කියන්නේ ගිය අවුරුද්දේම ඉන්ධන සඳහා වැය වුණු බිලියන 4 ක් කියලා උපකල්පනය කරොත්, මේ අවුරුද්දේ මුල් මාස 8 ට අපිට බිලියන 4 ක් වැය වෙලා තියෙනවා. ඒ කියන්නේ අවුරුද්දෙන් 3 න් 2 කින් අපිට. ඒ වගේම අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක මේ පළවෙනි විස්තීරණ ණය වැඩසටහනේ ඒ අවුරුදු 4 ඉලක්කය වුණේ අපේ ස්ථාවර භාවය ළඟා කරගන්න. මම හිතන්නේ අපි සැලකිය යුතු ප්‍රමාණයකින් ස්ථාවර භාවය ළඟා කරගෙන තියෙනවා සෑම අතින්ම. දැන් අපේ ඊළඟ සැලසුම වෙන්නේ මේ ස්ථාවර භාවය ආරක්ෂා කරමින් කොහොමද අපි growth එක, වර්ධනය අත්පත් කරගන්නේ කොහොමද. ඉතින් මම හිතන්නේ අපිට වර්ධනය සඳහා අලුත් එකඟතාවකට යන්න පුළුවන්නම් අපි යන්න ලෑස්තියි. "අපි ආපහු හැරිලා බැලුවා, අපි පාලන බලය ගත්තට පස්සේ, අපිට ඉටු කරන්න තිබුණු අරමුණු සහ අපි අපි අපේක්ෂා කරනවා මේ දේ කරන්න ඕන කියලා, ඒ දේ කිරීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක තිබුණු අපේ බැඳීම අපිට බාධා වුණේ මොනවාටද? මේක අපි කරන්න හිටපු දෙයක්, නමුත් IMF එකත් එක්ක තියෙන අපේ එකඟතාව නිසා අපිට බාධා වුණා. මම හිතන්නේ එහෙම හඳුනාගත හැකි ඉතා කුඩා ප්‍රමාණයක් තියෙන්නේ. ඒ නිසා තමයි මම හිතන්නේ ගැටුමක් නැතුව, නේද, අවුරුදු හතරම සම්පූර්ණ කරගන්න පුළුවන්කම ලැබුණේ. එහෙම නැත්නම් මම හිතන්නේ අවුරුදු හතර... (EFF එකක් කරලම නැහැ ජනාධිපතිතුමනි) කරලම නැහැනේ, අවුරුදු හතරම යන්නේ නැහැ සාමාන්‍යයෙන්. බොහෝ තැන්වල බිඳ වැටිලා තිබෙනවා. නමුත් අපි අපි අතර ලොකු විසංවාදයක් තියෙන්නේ. නමුත් ඊළඟ ප්‍රෝග්‍රෑම් එක මොනවගේ වෙන්න ඕනද කියන එක තමයි අපි සාකච්ඡා කරන්නේ. දැනට මුදල් අමාත්‍යාංශය, අපේ මහ බැංකු අධිපතිතුමා ඇතුළු අපි කණ්ඩායම අතර යම් අපේ ආර්ථික ක්ෂේත්‍රය පිළිබඳව අවබෝධයක් තියෙන කණ්ඩායම අපි සාකච්ඡාවක නිරත වෙමින් තිබෙනවා, මොනවගේ ප්‍රෝග්‍රෑම් එකකටද අපි යන්න ඕන කියලා. ඒක මත තමයි තීරණය වෙන්නේ. නමුත් තව මාස හයක වගේ කාලයක් අපිට ඉතුරු වෙලා තිබෙනවා. තිබෙනවා. නමුත් අපි මුළුමනින්ම අත්හැරිනවා කියන තැනකුත් නැහැ, යා යුතුමයි කියන එකකුත් නැහැ, නමුත් තාමත් අපිට විවෘත තැනක අපි ඉන්නවා."




