Published
බලපත්‍ර නොමැතිව මහා පරිමාණයෙන් මත්පැන් අළෙවි කළ අවන්හලක් නීතියේ රැහැනට හසුකර ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකාය සමත් වී තිබෙනවා.
ඒ, එම බලකායේ මාතර කදවුරේ නිලධාරීන්ට ලද තොරතුරක් මත අහංගම, අරංවල හංදිය ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදීයි.
එහිදී විවිධ වර්ගයේ මත්පැන් බෝතල් 60 ක් සහ බියර් කෑන් 335 ක් සිය භාරයට ගත් බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය පැවසුවේ.
එහි සිටි පුද්ගලයෙකුද අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔහු අහංගම, ගොවියාපාන ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
සැකකරු ඉදිරි විමර්ශන සදහා අහංගම පොලිස් ස්ථානය වෙත භාරදුන් බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය වැඩිදුරටත් පැවසුවේ.




