අධිවේගී මාර්ගවල ගමන් කරන වාහනවල රියැදුරු සහ සියලු මඟීන් ආසන පටි පැළඳීම අනිවාර්ය කරන නීතිය ක්රියාත්මක කිරීම සඳහා නැවතත් සහන කාලයක් ලබා දී තිබෙනවා.
ආසන පටි නොමැති වාහනවලට ආසන පටි සවිකර ගැනීම සඳහා මෙලෙස සහන කාලයක් ලබා දෙන බවයි මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව පවසන්නේ.
අධිවේගී මාර්ගවල ගමන් කරන වාහන වල රියදුරු සහ සියලු මඟීන් ආසන පටි පැළඳිය යුතු බවට වන නීතිය ක්රියාත්මක කිරීම සඳහා මීට පෙරද අවස්ථා කිහිපයකදී සහන කාල ලබා දුන්නා.
එලෙස සහන කාල ලබාදුන්නේද රියදුරන් සහ මගීන් නීතියට හුරු කරවීමට සහ ආසන පටි නොමැති වාහන වලට ආසන පටි සවි කර ගැනීම සඳහායි.
ලබාදුන් එම සහන කාලයන්ගෙන් පසු අධිවේගී මාර්ගවල ගමන් කරන වාහනවල රියදුරන් සහ සියලු මගින් ආසන පටි පැළඳීම අනිවාර්ය කරන නීතිය පෙරේදා සිට තදින්ම ක්රියාත්මක කරන බව පොලිසිය නිවේදනය කර තිබුණා.
ඒ අනුව අධිවේගී මාර්ගවල ආසන පටි නොමැතිව මගීන් රැගෙන යන වාහන සොයා ඊයේ සහ පෙරේදා මෙහෙයුම් ද සිදු කෙරුණු බවයි නෙත් නිවුස් වාර්තාකරුවන් පැවසුවේ.
එසේ තිබියදීයි දැන් මෙම නීතිය ක්රියාත්මක කිරීම සඳහා නැවතත් සහන කාලයක් ලබාදීමට තීරණය කර ඇත්තේ.




