Published
දක්ෂිණ අධිවේගී මාර්ගය හරහා ගමන්ගත් ඉත්තෑවෙකු බේරීම සඳහා තිරිංග තද කළ කන්ටේනර් රථයක පිටුපස කොරියානු ජාතික තරුණියක් ගමන්ගත් සුඛෝභෝගී මෝටර් රථයක් ගැටී එම තරුණිය සහ රියදුරු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.
ඉත්තෑවා ද එම ස්ථානයේදී මියගොස් ඇති බවයි පොලීසිය පැවසුවේ.
මාතර දෙස සිට කොට්ටාව දෙසට වූ මංතීරුවේ කිලෝ මිටර් 3 දශම 9 ප්‍රදේශයේදීයේදී මෙම අනතුර සිදුව තිබෙනවා.
එම අනතුරෙන් මෝටර් රථයේ සිරවී සිටි කොරියානු ජාතික කාන්තාව සහ එහි රියදුරා පිටතට ගෙන ඇත්තේ මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන් සහ ජීවිත බේරා ගැනීමේ සහ ගිනි නිවීමේ නිරත ගුවන් හමුදා නිලධාරීන් විසින්.
තුවාල ලැබූ ඔවුන් දෙදෙනා ප්‍රතිකාර සදහා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා.




