ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං මහතා දෙදින නිල සංචාරයක් සදහා දිවයිනට පැමිණියා.

ඉන්දිය ගුවන් හමුදාවට අයත් විශේෂ ගුවන් යානයකින් එරට ආරක්‍ෂක අමාත්‍යවරයා පස්වරු 1.25 ට පමණ කටුනායක ගුවන් තොටුපොල වෙත පැමිණි බවයි එහි සිටින නෙත් නිවුස් නියෝජිත ටී කේ ජී කපිල පැවසුවේ.