නැගෙනහිර ඉන්දුනීසියාවේ රික්ටර් මාපකයේ 7.4 ක ප්‍රබල භූ කම්පනයක් සිදුව තිබෙනවා.

එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය සදහන් කළේ භූකම්පනය හේතුවෙන් එහි අපකේන්ද්‍රයේ සිට කිලෝමීටර් 1,000ක් ඇතුළත භයානක සුනාමි රළ ඇති විය හැකි බවයි.

ඒ අනුව ඉන්දුනීසියාව, පිලිපීනය සහ මැලේසියාවේ වෙරළ තීරයේ භයානක සුනාමි රළ ඇති විය හැකි බව හවායි හි පිහිටි පැසිෆික් සුනාමි අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය සඳහන් කර ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කළා.

කෙසේවෙතත් එම භූ කම්පනයෙන් ශ්‍රී ලංකාවට කිසිදු බලපෑමක් නොමැති බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පැවසුවා.