ඉකුත් මැතිවරණ සමයේ දේශපාලන වේදිකාවේ දැඩි ආන්දෝලනයක් ඇති කල මෙරට මුදල් උගන්ඩාවේ සැගවූ බව කියන සිද්ධියට අදාළ මුදල් යළි මෙරටට ලබාගැනීමට තමන් අපේක්‍ෂා කළ කාලයටත් වඩා වැඩි කාලයක් ගතවනු ඇතැයි ආණ්ඩුව පවසනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී දේවානන්ද සුරවීර මහතා නෙත් නිවුස් වෙත කියාසිටියේ ආණ්ඩුව ඒ වෙනුවෙන් තවදුරටත් කටයුතු කරමින් සිටින බවයි.

මේ අතර නෙත් නිවුස් රතු කට්ට විශේෂාංගයට එක්වෙමින් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පැවසුවේ මෙරට මුදල් උගන්ඩාවේ සැගවූ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් කිසිදු පැමිණිල්ලක් මහ බැංකුවට මෙතෙක් ලැබී නොමැති බවයි. එවැනි පැමිණිල්ලක් ලැබුණානම් ඒ පිළිබද විමර්ශණ සදහා පොලීසියට යොමුකිරීමට අවස්ථාව පවතින බවද මහබැංකු අධිපතිවරයා වැඩිදුරටත් පැවසුවා.