සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය ඉදිරි මැතිවරණවලදී එක්ව කටයුතු කිරීම සම්බන්ධයෙන් පවත්වන සාකච්ඡා අවසන් අධීරයේ පවතින බව සමගි ජන බලවේගය පවසනවා.

නායකයින් දෙදෙනා අතර මූලික වටේ සාකච්ඡාව මෙම මස අවසන් වීමට පෙර සිදු කිරීමට නියමිත බවයි සමගි ජන බලවේගයේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයකු නෙත් නිවුස් වෙත සඳහන් කළේ.

එහිදී දෙපාර්ශ්වය අතර මෙතෙක් සාකච්ඡා කර තිබෙන තීරණ සම්බන්ධයෙන් අවසන් එකඟතාවයකට පැමිණීමට නියමිත බවයි වාර්තා වන්නේ.

දෙපාර්ශවය අතර පවත්නා සාකච්ඡා සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ සමගී ජන බලවේගයෙ පාර්ලිමේන්තු මන්ත්‍රී සුජිත් සංජය පෙරේරා මහතා

"අනිවාර්යයෙන්ම දැන් ඉතින් එකතු වෙන්න දෙයක් නැහැ. අපි එකතු වෙලයි ඉන්නේ. අපි...

(ප්‍රශ්නය: "රනිල් මහත්තයා එයිද මෙහෙට, මේ ඔබතුමාලා හිටිය එකට?")

ඉතින් රනිල් මහත්තයා ඉතින් ආවනේ දැන්. විපක්ෂ නායකතුමා කතා කරපු රැස්වීමට ආරාධනා කෙරුවා, ආරාධනා කෙරුවාම රනිල් වික්‍රමසිංහ මහත්තයත් ආවා, අනෙකුත් පක්ෂ නායකයොත් ආවා. ඉතින් එතනදී අපිට පේනවනේ ඉතින් දැන් සැබෑ නායකත්වය හැටියට ඉතින් හඳුනගෙන තියෙන අපේ සජිත් ප්‍රේමදාස මහත්තයා අනෙකුත් පක්ෂ ටිකත් අපිට ඒකරාශී වෙලා ඉන්නවා. ඉතින් ඒක තමයි විය යුත්තේ ඉතින්.

(ප්‍රශ්නය: "බලමු නේද 2029 දැන් කවුද ජනාධිපතිතුමා, නාමල් මහත්තයාද, සජිත් මහත්තයාද?")

ඉතින් ඒක ඉතින් ජනතාව අතේ තියෙන්නේ. ඉතින් ඡන්දයක් තිබ්බහම බලාගන්න පුළුවන්. ඉතින් අපේ අපේක්ෂකයා හැටියට අපි නම් ඉදිරිපත් කරන්නේ සජිත් ප්‍රේමදාස මහත්තයා. හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගියදා සජිත් ප්‍රේමදාස මහතා දේශපාලන නායකයින්ට ආරාධනා කර තිබූ සාකච්ඡාවටද එක්වුනා.