කටුගස්තොට, පට්ටියවත්ත ප්‍රදේශයේ පිහිටි වෙළඳසැලක් සමඟ ඇති මහල් හතරකින් යුත් නිවසක ගින්නක් හටගෙන තිබෙනවා.

වහාම ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන් මහනුවර ගිනි නිවීමේ ඒකකය හා ප්‍රදේශවාසින් එක්ව ගින්න මැඩපැවැත්වීමට කටයුතු කළ බවයි කටුගස්තොට පොලිසිය පැවසුවේ.

ගින්නෙන් ජීවිත හානි කිසිවක් සිදුව නැහැ.

කෙසේවෙතත් දේපළවලට හානි සිදුව ඇති බවයි පොලීසිය පැවසුවේ.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් කටුගස්තොට පොලිසිය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.