කඩුවෙල මංසන්ධියේ පිහිටි විදුලි උපකරණ අළෙවි සැලක හටගත් ගින්නෙන් එකම පවුලේ සිව් දෙනා මියගොස් ඇත්තේ දුම ආග්රහණයවීමෙන් බවට සැක කරන බව ශ්රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභාවේ ගිනි නිවීම් ඒකකය පවසනවා.
අදාළ දෙමහල් ගොඩනැගිල්ලේ ගින්නක් හටගෙන ඇති බවට එම ඒකකයට දුරකතන ඇමතුමක් ලැබී තිබුණේ උදෑසන 6.20 ට පමණයි.
ඒ අනුව ගිනි නිවීම් රථ 3 ක් සහ ගිනි නිවීම් භටයින් 13 දෙනෙකු වහාම එම ස්ථානයට පිටත්කර හැරි බවද ගිනි නිවීම් ඒකකය පැවසුවා.
එකම පවුලේ මව, පියා සහ දරුවන් දෙදෙනා ගින්න හටගත් අවස්ථාවේ රැදී සිට ඇත්තේ උඩු මහලේයි.
ගිනි ගැනීමට ලක් වූ විදුලි උපකරණ අළෙවි සැලට ළගා වූ ගිනි නිවන භටයින් දැඩි පරිශ්රමයක් යොදා පෙරවරු 8 ට පමණ ගින්න සම්පූර්ණයෙන් මැඩ පවත්වා තිබෙනවා.
ඉන් අනතුරුව සිදුකළ සොයා බැලීමේදී උඩුමහලේ සිටි සිව් දෙනා මියගොස් සිටි බව ශ්රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභාවේ ගිනි නිවීම් ඒකකය පැවසුවා.
ගින්නට නිශ්චිත හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ. සිද්ධිය සම්බන්ධයෙන් කඩුවෙල පොලීසිය සහ ශ්රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභාවේ ගිනි නිවීම් ඒකකය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.



