Published
කුමන ජාතික වනෝද්‍යානය හරහා කතරගම දක්වා පාද චාරිකාවේ යෙදි සිටි බැතිමතෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.
ඔහු හදිසියේ රෝගී වී පානම රෝහල වෙත ඇතුළත් කෙරුණු බවයි නෙත් නිවුස් වෙනුවෙන් අචල උපේන්ද්‍ර පැවසුවේ.
කෙසේවෙතත් එහි ප්‍රතිකාර ලබමින් සිටියදි ඔහු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ජීවිතක්ෂයට පත්වූ එම පුද්ගලයා 55 හැවිරිදි වියේ පසු වූ අයෙක්.
පසුගිය 7 වනදා ඔහු තවත් බැතිමතුන් කණ්ඩායමක් සමග පාද චාරිකාව ආරම්භ කර ඇත්තේ කල්මුණේ ප්‍රදේශයෙන්.
මේ අතර මෙවර රුහුණු මහා කතරගම දේවාලයේ ඇසළ පෙරහැර මංගල්‍යය ලබන 15 වනදා දිනදා සිට ජූලි 29 වන දින දක්වා පැවැත්වෙනවා.



