අභිරහස් ලෙස මියගිය ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතාගේ සිරුර රෝහල වෙත රැගෙන ගොස් තිබෙනවා.

ඒ, මහේස්ත්‍රාත්වරයා සිදුකළ ස්ථානීය පරීක්ෂණයකින් අනතුරුවයි.

එම මරණය සම්බන්ධයෙන් කොල්ලුපිටිය පොලීසිය විසින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර තිබුණා.

කපිල චන්ද්‍රසේන මහතාගේ සිරුර අද පෙරවරුවේ සොයා ගැණුනේ කොල්ලුපිටිය, පේදිරිස් පටුමගේ පිහිටි නිවසක තිබීයදීයි.

ඉන් අනතුරුව අංශ කිහිපයක් යටතේ පොලිස් විමර්ශන ආරම්භ කෙරුණා.