නෙත් එෆ් එම් ඩී ජේ නයිට් ෆේස්ටු ෆේස් ඇටෑක් ෂෝ තරගය දැන් තවත් උණුසුම් වී තිබෙනවා.
ඒ, වෙනදාටත් වඩා වැඩි ශ්‍රාවකයන් පිරිසක් එම තරගය සමග සිටීම හේතුවෙන්.
අම්පාර දිස්ත්‍රික්කය නියෝජනය කරමින් DJ RJ සහ රත්නපුර දිස්ත්‍රික්කය නියෝජනය කරමින් DJ MADUWA ඊයේ පැවති නෙත් එෆ් එම් ඩී ජේ නයිට් ෆේස්ටු ෆේස් ඇටෑක් ෂෝ තරගයට එක් වුණා.
එම තරගය පෙර පැවති තරගවලට වඩා ඉතා උණුසුම් තරගයක් බවට පත් වුණා.
ඒ, මෙතෙක් පැවති නෙත් එෆ් එම් ඩී ජේ නයිට් ෆේස්ටු ෆේස් ඇටෑක් ෂෝ තරග අභිබවා යමින් වැඩිම ශ්‍රාවක පිරිසක් නෙත් එෆ් එම් ෆේස්බුක් පිටුව හරහා එක්වීම හේතුවෙන්.
ඔවුන් සියලු දෙනාම පාහේ ඊයේ තරගයට එක්වූ තරගකරුවන් දෙදෙනා අතරින් තමන් කැමති තරගකරුවාට මනාපය පළ කර තිබීම විශේෂත්වයක්.
ලැබුණු මනාප ප්‍රමාණය ඉහළ යාම හේතුවෙන් ඊයේ රාත්‍රියේ එම තරගයේ ජයග්‍රාහකයා නම් කිරීමට ද නොහැකි වුණා.
ඒ අනුව එහි ප්‍රතිඵලය අද ප්‍රකාශයට පත් කළා.
ඒ අනුව කරට කර පැවති එම උණුසුම් තරගයෙන් අම්පාර දිස්ත්‍රික්කය නියෝජනය කළ DJ RJ ජයග්‍රහණය කළා.
ශ්‍රී ලාංකික රේඩියෝවට අලුත්ම ඇත්දැකීමක් වූ ඩී ජේ නයිට් තවදුරටත් අලුත් කරමිනුයි ෆේස්ටු ෆේස් ඇටෑක් ෂෝ හදුන්වා දුන්නේ.
එම වැඩසටහන සෑම සිකුරාදා දිනකම රාත්‍රී නවයේ සිට නෙත් එෆ් එම් රේඩියෝව හරහා ද සජීවිව ඉදිරිපත් කෙරෙනවා.




