කල් දැමූ ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ තුන් වන පංතිය සදහා බදවා ගැනීමේ තරග විභාගය කඩිනම් පවත්වන්නැයි ඉල්ලා ශ්‍රී ලංකා වෘත්තීයවේදී විදුහල්පතිවරුන්ගේ සංගමය අග්‍රාමාත්‍ය, අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය වෙත ලිපියක් යොමු කර තිබෙනවා.
එම සංගමයේ සභාපති සුගීෂ්වර විමලරත්න මහතා නෙත් නිවුස් වෙත කියාසිටියේ ඊයේ (26) දිනයේ පැවැත්වීමට නියමිතව තිබූ එම විභාගය හදිසියේ කල් දැමීම හේතුවෙන් ඉල්ලූම් කළ අපේක්ෂකයන්ට බරපතල අසාධාරණයක් සිදුවූ බවයි.
ඒ අනුව අදාළ විභාගය මැයි මස 10 වනදා හෝ 17 වනදා පැවැත්වීමට කටයුතු කරන ලෙසටද ඔහු ඉල්ලා සිටිනවා.
කෙසේවෙතත් අදාළ විභාගය කල් දැමීමට සිදුවූයේ අයදුම්පත් ආශ්‍රිතව සිදුවූ තාක්ෂණික දෝෂයක් හේතුවෙන් බව අධ්‍යාපන අමාත්‍යාංශය මීට පෙර ප්‍රකාශ කළා.
එම විභාගය මසක් ඇතුළත පැවැත්වීමට පියවර ගන්නා බවයි එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කෙරුණේ.







