කලාවැව ප්‍රදේශයේදි සුනඛයික් 10 දෙනෙකු ඝාතනය කලේයැයි කියන සිද්ධිය  සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශණ සිදු කරන බව ඉපලෝගම පොලිසිය පවසනවා.

ඒ අනුව එම මිය ගිය සුනඛයන්ගේ ශරීර කොටස් රජයේ රස පරික්ෂකවරයා වෙත යොමුකිරිමටයි පියවර ගෙන තිබෙන්නේ.

අදාල විමර්ශණවල තත්වය සොයා බැලිමට ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානයේ අධ්‍යක්ෂ සුභාෂන සුබවික්‍රම මහතා ඇතුලු කලාවැව ප්‍රදේශවාසින් කණ්ඩායමක් ඊයේ ඉපලෝගම පොලිස් ස්ථානය වෙත පැමිණ තිබෙනවා.

මෙම සුනඛ ඝාතනය සම්බනධයෙන් විධිමත් පරික්ෂණයක් පවත්වා සැකකරුවන් අත්අඩංගුවට ගෙන නිතිය හමුවට පමුණුවන ලෙසයි ඔවුන් එහිදි පොලිසියෙන් ඉල්ලා තිබෙන්නේ.