2026 - 2027 කාලසීමාව සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ජාතික ක්‍රීඩක ගිවිසුම් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ අනුව ක්‍රිකට් ක්‍රීඩකයින් 46 දෙනෙකු සඳහා වාර්ෂික කොන්ත්‍රාත් පිරිනමා ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද නිවේදනය කළේ.

මෙම කොන්ත්‍රාත් කාලය 2026 අප්‍රේල් මස 01 වැනිදා සිට 2027 මාර්තු 31 දක්වා ක්‍රියාත්මක වනවා.

ක්‍රීඩකයන් A1, A2, B1,B2 C1 සහ මධ්‍යම ගිවිසුම් ලෙස කොන්ත්‍රාත් කිහිපයක් යටතේ වර්ග කර තිබෙනවා.

ක්‍රීඩකයින්ගේ දක්ෂතා සහ යෝග්‍යතාවය, ක්‍රීඩකයින් සතු විභවය සහ උපාය මාර්ගික අවශ්‍යතා සැළකිල්ලට ගනිමින් ඔවුන් මෙලෙස කාණ්ඩ 6ක් යටතේ වර්ගීකරණය කර ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කළේ.