කාවන්තිස්ස‘ හස්තියාට වෙඩි තැබීමේ සිද්ධියට සහ ඒ ආශ්‍රිත නීතිවිරෝධී ක්‍රියාකාරකම්වලට සම්බන්ධ තවත් සැකකරුවන් පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව, පානදුර වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බලකාය සහ ගල්ගමුව පොලිසිය එක්ව අදාළ ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් දියත් කළ විශේෂ ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදීයි මෙම සැකකරුවන් නීතියේ රැහැනට හසුකරගෙන ඇත්තේ.

මීට පෙර සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු, කාවන්තිස්ස හස්තියාට වෙඩි තැබීමේ සිද්ධියට සෘජුවම සම්බන්ධ බවට මේ වන විට විමර්ශන මඟින් අනාවරණය වී තිබෙනවා.

ප්‍රදේශය තුළ සිදුකළ අඛණ්ඩ සෝදිසි මෙහෙයුම්වලදී අත්අඩංගුවට ගත් අනෙක් සැකකරුවන් පස් දෙනා, ප්‍රදේශයේ ක්‍රියාත්මක වූ වෙනත් නීතිවිරෝධී ක්‍රියාකාරකම්වලට සම්බන්ධ බවටයි සැක කෙරෙන්නේ.

වනජීවී නිලධාරීන් සහ ගල්ගමුව පොලිසිය විසින් අත්අඩංගුවට ගත් පිරිසගෙන් දැඩි ලෙස ප්‍රශ්න කරමින් සිටින අතර, අදාළ වෙඩි තැබීමට භාවිත කළ ගිනිඅවි සහ වන සතුන් ඉලක්ක කරගත් සංවිධානාත්මක ජාවාරම් ජාලයක් ක්‍රියාත්මක වූයේද යන්න පිළිබඳව ඉදිරි විමර්ශන පුළුල් කර තිබෙනවා.