Published
බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම සමග පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු ඉනිම වෙනුවෙන් සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 308 ක් රැස් කළා.
ඇන්ටිගුවාහි ශ්‍රීමත් විවියන් රිචඩ්ස් ක්‍රීඩංගණයේදී ඊයේ ආරම්භ වූ තරගයේ කාසියේ වාසිය දිනාගත්තේ කොදෙව් කණ්ඩායමයි.
එහෙත් කොදෙව් නායක රොස්ටන් චේස්, ප්‍රථමයෙන් පන්දුවට පහරදීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට ඇරයුම් කළා.
නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ ධනංජය ද සිල්වා ලකුණු 120 ක් රැස් කිරීමට සමත් වුණා.
දිනේෂ් චන්දිමාල් ලකුණු 54 ක් හා සොනාල් දිනුෂ ලකුණු 43ක් රැස් කළා.




