Published
අනුරාධපුර, තම්මැන්නාකුලම් ප්රදේශයේදි කේරළ ගංජා තොගයක් සන්තකව සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, උතුරු මැද පළාත් අපරාධ විමර්ශන කොට්ඨාසයට ලද තොරතුරක් මත එහි නිලධාරීන් කණ්ඩායමක් සිදුකළ වැටලීමකදීයි.
ඒ අනුව සැකකරු සන්තයේ තිබී කේරළ ගංජා කිලෝ 12යි ග්රෑම් 320 ක් සොයා ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගෙන ඇත්තේ තම්මැන්නාකුලම් ප්රදේශයේ පදිංචිකරුවෙක්.
ඔහු වැඩිදුර විමර්ශන සදහා අනුරාධපුර පොලිස් ස්ථානය වෙත භාරදී තිබෙනවා.




