Published
කොම්පඤ්ඤවීදිය, විතානගේ පාර ප්‍රදේශයේදී නිවසක සිදුකළ වැටලීමකදී අයිස් මත්ද්‍රව්‍ය සමග කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, කොළඹ මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයට ලද තොරතුරක් මත එහි නිලධාරින් කණ්ඩායමක් විසින්.
ඒ අනුව අයිස් මත්ද්‍රව්‍ය ග්රැම් 728 ක් සමග වයස අවුරුදු 81 ක් වන එම කාන්තාව අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කොළඹ මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් එම නිවසට පැමිණි අවස්ථාවේදි එහි සිටි අදාළ කාන්තාවගේ පුත්‍රයා පලාගොස් ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සදහන් කළේ.
අත්අඩංගුවට ගත් සැකකාර කාන්තාව කොම්පඤ්ඤවීදිය පොලිස් ස්ථානයට භාරදී ඇති අතර පලාගිය ඇයගේ පුත්‍රයා අත්අඩංගුවට ගැනීම සදහා පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.




