Published
කොළඹ තවත් ප්රදේශ කිහිපයක් සඳහා හෙට දිනයේදී පැය 12ක ජල කප්පාදුවක් සිදු කරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.
ඒ අනුව දෙහිවල, ගල්කිස්ස, රත්මලාන, මොරටුව, රාවතාවත්ත සහ සොයිසාපුර යන ප්රදේශ සඳහා එලෙස ජල සැපයුම අත්හිටුවන බවයි එම මණ්ඩලය පැවසුවේ.
ඒ, හෙට (4) පෙරවරු 9.00 සිට රාත්රී 9.00 දක්වායි.
කොළඹ 01 සිට 15 දක්වා ප්රදේශවලට මෙන්ම බත්තරමුල්ල, පැලවත්ත, හෝකන්දර, කොස්වත්ත, තලවතුගොඩ, ශ්රී ජයවර්ධනපුර කෝට්ටේ, රාජගිරිය, මිරිහාන, මාදිවෙල, නුගේගොඩ, නාවල, කොළොන්නාව, IDH, කොටිකාවත්ත, අංගොඩ, වැල්ලම්පිටිය, ඔරුගොඩවත්ත, කඩුවෙල, මහරගම, බොරලැස්ගමුව සහ පිළියන්දල යන ප්රදේශවලට ද හෙට දිනයේ එම කාලය තුළ ජල සැපයුම අත්හිටුවන බව මීට පෙර ප්රකාශ කෙරුණා.




