Published
කොළඹ ප්‍රදේශයේ බෝම්බ පිපිරවීම සඳහා කුමන්ත්‍රණය කිරීම හා මෙරට ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන ක්‍රියාකාරකම් සිදු කිරීමට සැලසුම් කිරීම සම්බන්ධයෙන් සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු සැකපිට ප්‍රශ්න කිරීම සඳහා අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, ත්‍රස්ත මර්දන සහ විමර්ශන කොට්ඨාසය විසින්.
එම කොට්ඨාසයට ලද රහසිගත තොරතුරකට අනුව සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ ජා ඇල, කලා වීදිය, පාතිමා ප්‍රදේශයේ නිවසක සැඟව සිටියදීයි.
කොළඹ 15 , අලුත් මාවත පාර පදිංචි 38 හැවිරිදි පුද්ගලයකු වන සැකකරු සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයකු වන මොහොමඩ් නජිම් මොහොමඩ් ඉම්රාන් නොහොත් කංජිපානි ඉම්රාන් යන අය සමඟ සම්බන්ධතා පවත්වමින් මෙම අපරාධයන්වල නියැලීමට සැලසුම් කර ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.
ත්‍රස්ත මර්දන සහ විමර්ශන කොට්ඨාසය මගින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.




