කොළඹ වරායේ සිදුකළ පොලිස් වැටලීමකදී කන්ටේනරයක තිබී මත්ද්‍රව්‍ය බවට සැකකරන ද්‍රව්‍ය තොගයක් සොයාගෙන තිබෙනවා.

වැටලීම සිදු කර ඇත්තේ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය විසින්.

සොයාගත් සැකසහිත ද්‍රව්‍ය අයිස් මත්ද්‍රව්‍ය බවට විශ්වාස කෙරෙනවා.

අදාල කන්ටේනරය පාකිස්තානයේ සිට ශ්‍රී ලංකාවට එවන ලද එකක්.

මත්ද්‍රව්‍ය බවට සැක කරන ද්‍රව්‍ය එහි තිබී ඇත්තේ තුවා අතර ඉතා සූක්ෂ්ම ලෙස අසුරායි.

ජාවාරමට සම්බන්ධ සැකකරුවන් හඳුනාගැනීම සඳහා දැන් විමර්ශන සිදුකෙරෙනවා.

ජාත්‍යන්තර අපරාධකරුවන්ද ජාවාරමට සම්බන්ධව සිටිය හැකි බවටයි විශ්වාස කෙරෙන්නේ.