Published
හම්බේගමුව, ගොමගල ප්‍රදේශයේදී සිදුකළ වැටලීම් දෙකකදී ගංජා තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයට ලද තොරතුරක් මත එහි නිලධාරීන් කණ්ඩායමක් සිදුකළ වැටලීම්වලදීයි.
එහිදි ගංජා කිලෝග්‍රෑම් 1044යි ග්‍රෑම් 180 ක් සමඟ සැකකරුවෙකු හා ගංජා ගස් 54096 ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරුවන් අවුරුදු 30 සහ 38 වයස්වල පසුවන එතඹලාව ප්‍රදේශයේ පදිංචිකරුවන් වනවා.
එම සැකකරුවන් හම්බෙගමුව පොලිස් ස්ථානය වෙත භාරදුන් බවයි පොලීසිය පැවසුවේ.


