Published
ව්‍යාජ ඇටෝනි බලපත්‍රයක් සකස්කර ඕස්ට්‍රේලියානු ජාතික ව්‍යාපාරිකයකුට අයත් සමාගම් කොටස් සාවද්‍ය පරිහරණය කිරීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහිව ගොනු කර තිබෙන නඩුව ජුනි මස 11 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කළා.
කොළඹ මහාධිකරණ විනිසුරු නදී අපරණා සුවඳුරුගොඩ මහත්මිය ඉදිරියේ මෙම නඩුව කැඳවනු ලැබුවා.
එහිදී විත්තිකාර උදය ගම්මන්පිල මහතා සාක්ෂි කූඩුවේ සිට සාක්ෂි ලබාදීම සිදුකළා.
ඉන් අනතුරුව වැඩිදුර විභාගයේ ජූලි මස 11 වනදා දක්වා කල් තිබුණා.
ඔස්ට්‍රේලියානු ජාතික බ්‍රයන් ෂැඩික් නමැති ව්‍යාපාරිකයාට අයත් සමාගම් කොටස් ව්‍යාජ ඇටෝනි බලපත්‍රයක් යොදාගෙන සාපරාදී පරිහරණය කිරීම සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් උදය ගම්මන්පිල මහතාට එරෙහිව ඉකුත් යහපාgaලන රජය සමයේ මෙම නඩුව ගොනු කර තිබුණා.



