Published
මෙරට නිශ්පාදිත රිවෝල්වර වර්ගයේ ගිනි අවි 19ක් සමග සැකකරුවන් සිව් දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසය විසින් දෙමටගොඩ ප්රදේශයේ සිදු කළ විශේෂ මෙහෙයුමකදී අදාළ සැකකරුවන් සහ ගිනි අවි තොගය සොයාගත් බව පොලිසිය පැවසුවේ.
මෙම ගිනි අවි සම්බන්ධයෙන් බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසයට තොරතුරක් ලැබී තිබුණා.
ඒ අනුව සිදුකල මෙහෙයුමකදී මෙම ගිනිඅවි සොයාගෙන තිබෙනවා.




