Published
ගිරිඋල්ල - මීගමුව මාර්ගයේ පහළ නාරංගමුව ප්රදේශයේදී සිදුවූ රිය අනතුරකින් පුද්ගලයෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.
ටිපර් රථයක් ප්රධාන මාර්ගයට ගැනීම සඳහා පිටුපසට ධාවනය කරමින් සිටියදී, ගිරිඋල්ල දෙස සිට පන්නල දෙසට ධාවනය වූ යතුරුපැදියක් එම රථයේ පිටුපස ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි ගිරිඋල්ල පොලීසිය පැවසුවේ.
එහිදි බරපතල තුවාල ලැබූ යතුරුපැදිකරු දඹදෙණිය රෝහලට ඇතුළත් කිරීමේදී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
එලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ යෝගියාන ප්රදේශයේ පදිංචිකරුවෙක්.
අනතුර සම්බන්ධයෙන් ටිපර් රථ රියදුරා අත්අඩංගුවට ගත් බවයි ගිරිඋල්ල පොලිසිය වැඩිදුරටත් පැවසුවේ.


